කියන්නේ මොකක්ද ?

හපන් කියන්නේ මොබයිල් ඇප් එකක්. පොඩ්ඩන්ට ආස හිතෙන විදියට පාට පාට වර්ණ පිරුණු රූප එක්ක, ලස්සනම ලස්සන චලන චිත්‍ර (ඇනිමේෂන්) වලින් දඟකම් පාමින්, එයාලා අහන් ඉන්න ආසා හිතෙන විදියේ සුමිහිරි හඬ එකතුවකින් හැඩ වෙලා තමයි හපන් පොඩ්ඩන්ගේ ඩිජිටල් ලෝකයට පා තබන්නේ. හපන් කියන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපනික ක්‍රමවලට වඩා පියවර ගණනක් ඉදිරියට ගිහින්, නවීනතම තාක්ෂණික බහුමාධ්‍ය හැකියාවන් එක්ක, නවලොවට ගැලපෙන පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ක්‍රමවේදයන් මුසු කරමින් නිමැවුණු සුවිශේෂී යෙදුමක්.

ඔබේ දරුවාටත් හපන් ලබා දිය යුත්තේ ඇයි ?

කුඩා දරුවන්ට අකුරු හා හැඩතල කියා දෙමින්, වර්ණ හා රූප ආධාරයෙන් දරුවාට අවශ්‍ය පූර්ව ළමා විය ක්‍රියාකාරකම් පුහුණු කරවීම හපන් මගින් සිදු කරනවා. පොඩ්ඩන්ට ඉගෙන ගන්න ආස හිතෙන විදියට, ඉගෙන ගන්නවා කියලා දැනෙන්නේ නැති විදියට තමයි හපන් යෙදුමේ ඉගැනුම් ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ. ඩිජිටල් උපාංග වලට සහජයෙන්ම හුරු ඔබේ පොඩිත්තාට ස්මාට් දුරකථනය, ටැබ්ලට් උපාංගය අතට දෙන ගමන්ම, එයාලගේ දැනුමට යමක් එකතු කරන්නට එයාලට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි හපන් !

හපන් අපේ සමාජ මෙහෙවර

දැයේ දූ දරුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ අධ්‍යාපන කාර්යයන් වෙනුවෙන් සංවේදී හපන් අපි සමාජ සත්කාර සේවා හා දරුවන්ගේ සුබසාධනය, අභිවෘද්ධිය වෙනුවෙන් නිබඳ කැපවීමෙන් කටයුතු කරන්නෙමු. විවිධ සමාජ සංවිධාන සමගින් ළමා අධ්‍යාපනික කාර්යයන් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් හා අධ්‍යාපනාධාර ලබා දෙමින් ද, සිඟිති දුවා දරුවන්ගේ දක්ෂතා, කුසලතා එළි දැක්වීමට වේදිකාවක් වෙමින් සහ ත්‍යාගයන් පිරිනමමින් ද හපන් අපි දැයේ දරුවන්ට ආද‍රයෙන් අපේ යුතුකම් ඉටු කරන්නෙමු.

අප හා සම්බන්ධ වන්න.

හපන් ඩිජිටල් (පුද්.) සමාග​ම, නො:46, ගාලු පාර,
කලුතර දකුණ, 12000.